කන්ටේනරයක් රදැල්ල මාර්ගයේදි පෙරැලී දෙදෙනෙක් තුවාල ලබා රෝහලට

Share

නුවරඑළියේ සිට රුවන්වැල්ල දක්වා ධාවනය වු කන්ටේනරයක් රදැල්ල කෙටි මාර්ගයේදි පෙරැලීමෙන් රියදුරා සහ රියසහයකය බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුළු කර තිබේ.

හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමසෙට් වතුයාය ප‍්‍රදේශයේ මෙම අනතුර සිදු වී ඇත.

අධික බැවුමක් සහිත මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංග කි‍්‍රයාවිරහිත විම නිසා ඉදිරියට ඇදිගිය කන්ටේනරය නතර කර ගැනිමට රියදුරාට නොහැකිවීමෙන් එය කන්දක ගැටිමට සැලැස්විම නිසා මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය පවසයි.

Read more

Local News