පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 69ක ජයක්

Share

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 69ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායිකා චමරී අතපත්තු පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන පිලට ලබාදුන් අතර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 250ක් රැස් කිරිමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 181ක් පමණි.

අගනා පිතිහරඹයක නිරතව සිටි නායිකා චමරී අතපත්තු ලකුණු 46ක් ලබා සිටියදී කඩුල්ල බිඳී ගියේ නෂ්රා සන්දු යැවූ විශිෂ්ට පන්දුවකිනි. ඇය පන්දු 57කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කිරිමට සමත්වූවාය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (22) දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

පාකිස්තානය – 250/6 (ඕවර 50) ජවේරියා ඛාන් නොදැවී 113, නිඩා ඩාර් 34, සානා මිර් 27, නතාලියා ෆර්වේස් නොදැවී 21 (ශෂිකලා සිරිවර්ධන 40/2, චමරී අතපත්තු 48/2)

ශ්‍රී ලංකාව – 181 (ඕවර 45.2) චමරී අතපත්තු 46, ශෂිකලා සිරිවර්ධන 44, නිපුනි හංසිකා 18, අමා කාංචනා 16, කවීෂා දිල්හාරි 14 (බිස්මා මාරුෆ් 17/3, සානා මීර් 29/2)

Read more

Local News