බඩ ඉරිඟු දඬු කිරිදෙනුන්ගේ ආහාර වශයෙන් ලබා දිය හැක – තුසිත විජේසිංහ මහතා

Share

මිල්කෝ සමාගමේ සහකාර ප්‍රාදේශිය කළමණාකාර තුසිත විජේසිංහ මහතා පැවසුවේ, කරල් නෙලා ගත්පසු ඉතිරි වන බඩ ඉරිඟු දඬු කිරිදෙනුන්ගේ ආහාර වශයෙන් ලබා දිය හැකි බවත් පශු වෛද්‍යවරු විසින් සිදු කරන ලද පරික්ෂණ වලින් මේ බව සොයා ගෙන ඇති බව ද ඔහු පැවසීය.

පශු වෛද්‍යවරු පෙන්වා දෙන පරිදි වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනිම සඳහා කිරි දෙනුන්ට මිශ්‍ර ආහාර ලබා දිය යුතුය. එවැනි පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කිරිමේ දී ඉරිඟු දඬු ආශ්‍රිත මිශ්‍ර ආහාර යොදා ගැනිම වඩා සුදුසු බව ද පශු වෛදවරුන්ගේ මතය බව තුසිත විජේසිංහ මහතා පෙන්වා දෙන ලදි.

ලංකාවේ සිටින කිරිදෙනුන්ට අවශ්‍ය තෘණ භූමි ප්‍රමාණවත් නොවන නිසා කිරි නිෂ්පාදනය යම් පසු බෑමටක ලක් වී ඇති මෙවන් යුගයක, බඩ ඉරිඟු දඬු ආදේශකයක් ලෙස යොදා ගැනිම සුදුසු බවත් මිළ දී ගන්නා ඉරිඟු දඬු ප්‍රවාහනය කර දිය හැකි බවත් ඔහු පැවසීය.

Read more

Local News