ෆේස්බුක් වෙළෙඳපොළ වටිනාකම පහළට

Share

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ (20) දිනය තුළ දී ෆේස්බුක් සහ ට්විටර් යන සමාගම්වල කොටස් සියයට දෙක බැගින් ද ස්නැප්චැට් හි කොටස් සියයට එකකින් ද පහත වැටී තිබේ.

පෙරේදා (19) දිනය අවසානයේදී ෆේස්බුක් සමාගමට අයත් කොටස් සියයට 7කින් කඩා වැටුණු අතර එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහත වැටී තිබේ.

Read more

Local News