යල් කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර ටොන් 60,000ක් ආනයනය කිරීමට තීරණය කරයි

Share

මෙවර යල් කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර ටොන් 60,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (20) තීරණය කර තිබේ.

මේ අනුව වි වගාවට යොදා ගන්නා යූරියා පොහොර මෙක්ට්‍රික් ටොන් 24,000ක්, ට්‍රිපල් සුපර් පොස්පේට් පොහොර මෙක්ට්‍රික් ටොන් 18000ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙක්ට්‍රික් ටොන් 18000ක් මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

මෙම පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ලංකා පොහොර සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මඟින් බෙදාහරිනු ඇත.

Read more

Local News