ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අදයි

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සංවිධානය කරන පැවැත්වෙන ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය අදයි.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (22) පෙ.ව.9.00ට සැමරුම් උත්සවය පැවැත්වෙයි.

”සොබාදහමේ පදනම ජලය” යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ.

ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භ කර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි.

Read more

Local News