බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Share

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (22) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 103.7 ක් සහ පළලින් මීටර් 12.5 කින් යුත් බන්ගාබන්දු නෞකාව ටොන් 2407 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 233 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළබෙන මාර්තු 25 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read more

Local News