ස්වර්ණාභරණ තොගයක් සමඟ පුද්ගලයෙක් රේගු අත්අඩංගුවට

Share

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි පුද්ගලයෙක් අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගුව කියයි.

එහි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02.366 කි. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ (35) පුද්ගලයෙකි.

සැකකරු ඒමිරේට් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායකට පැමිණ අැති අතර ගුවන් තොටුපලින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

Read more

Local News