තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන සඳහා තවදුරටත් පහසුකම්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, තැලසීමියා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන සඳහා තවදුරටත් පහසුකම් හා මානව සම්පත් ලබාදීමට කටයුතු කෙරෙන බවත් මහනුවර ඉදිකෙරෙන තැලසීමියා ඒකකය ලබන ඔක්තෝබර් මස වනවිට අවසන් වන බවයි.

තට්ටු අටකින් සමන්විත මෙම ඒකකය ආරම්භවීමත් සමඟ තැලසීමියා දරුවන් වෙනුවෙන් ඇටමිඳුළු බද්ධ කිරීමට හැකි වන බවත් එමඟින් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට හැකියාව ඇතිවන බවත්, මේ වනවිටත් තැලසීමියා වාහකයන් හඳුනාගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දහය වසර දරුවන්ගේ රුධිර පරික්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

තැලසීමියා රෝගි දරුවන් වෙනුවෙන් රුධිරය ලබාදීම, කිසිදු හිඟයකින් තොරව ඖෂධ ලබාදීම, තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර ලබාදීම, තැලසීමියා ඒකක නවීකරණය කිරීම, විශේෂඥ වෛද්‍ය සහාය ලබාදීම සිදු කෙරෙන බව අමාත්‍යවරයා  සඳහන් කළේ ය.

Read more

Local News