හික්කඩුව මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් අතුරුදන්

Share

අද (23) පෙරවරුවේ හික්කඩුව මුහුදේ දියනෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙකු රළ පහරට ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එක් තරුණයෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ.

පසුව එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කර අැත.

රළ පහරට හසුවීමෙන් අතුරුදන් වූ අනෙක් තරුණයා සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read more

Local News