මෙක්සිකෝවේ භුමිකම්පාවක් 200 ට වැඩි පිරිසක් මිය යති

Share

මෙක්සිකෝ හි ඇතිවූ භූමිකම්පාවකින් අවම තරමින් පුද්ගලයින් 226 දෙනෙකු පමණ මියගොස් ඇති අතර මෙක්සිකෝ අගනුවර ගොඩනැගිලි ගණනාවක් කඩා වැටි ඇත.

ගොඩනැගිලි කඩාවැටුණු හෝ හානිවූ ස්ථාන 44ක ගලවාගැනීමේ සේවා ක්‍රියාත්මකවන බව මෙක්සිකෝ  නගරාධිපතිවරයා පැවසීය.

පාසලක් කඩාවැටීම හේතුවෙන් දරුවන් 20 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ජනාධිපති එන්රික් පේනා පැවසීය.නගරය තුළ කඩා වැටී ඇති ගොඩනැගිලි අතරට සය මහල් තට්ටු නිවාසයක්, සුපිරි වෙළෙඳසලක් හා කර්මාන්තශාලාවක්ද වේ.

Read more

Local News