ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සඳහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ – අමාත්‍ය මනූෂ නානායක්කාර

Share

ඊශ්‍රාලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා හිමිවූ තරුණයින් සඳහා ගුවන් ටිකට්පත් බෙදාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේදී සිකුරාදා (23) පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ,

ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සඳහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවත් රැකියා සඳහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි.

ඊශ්‍රාලයේ සහ ජපානයේ රැකියා ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රජයේ එකම විදේශ රැකියා නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගිනුයි. ඊශ්‍රාලයේ රැකියා සඳහා පිටත්ව යන අය රැකියා කාල සීමාව අවසන්වූ වහාම ලංකාවට එන්න ඕන. වලංගු රැකියා කාල සීමාව අවසන්වූ පසුව නීති විරෝධිව එරට රැදී සිටීම මගින් තවත් ලාංකිකයෙකුගේ රැකියා අවස්ථාවන් අහිමි වෙනවා. නියමිත පරිදි රැකියාව කර නැවත ලංකාවට ආවොත් ඔහුට නැවතත් එම රටට ගොස් රැකියාවක යෙදීමේ අවස්ථාව හිමිවෙනවා.

දැනට නීති විරෝධී ආකරයට ඊශ්‍රාලයේ රැදී සිටින අය සඳහා නීතිමය පියවර ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නීති විරෝධි ආකාරයට ඊශ්‍රාලයේ රැදී සිටීම නිසා අපේ රටට ලැබෙන රැකියා ඇණවුම් අහිමි වී යාම නිසා රටට විදේශ විනිමය නොලැබී යන තත්වයක් ඇතිවිය හැකියි. මේ නිසා අපි මේ සම්බන්ධයෙන් තදින් සිටිමින් කටයුතු කරනවා.

Read more

Local News