චීනයට ගිය එජාප අමාත්‍යවරුන් යළි මෙරටට කැඳවන ලෙස අගමැතිගෙන් උපදෙස්

Share

චීනයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් හය දෙනා අප්‍රේල් 01 වැනිදා යළි මෙරටට කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

අප්‍රේල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කල් ඇතිව සූදානම් කිරීමේ පියවරක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් දී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් හය දෙනා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විට චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටිති.

Read more

Local News