ව්‍යාජ පුවත් ප්‍රචාරය කළොත් වසර 10ක සිර දඬුවම්

Share

“ව්‍යාජ පුවත්වලට” වැට බැඳීමේ අරමුණින් එවැනි පුවත් ප්‍රචාරය කළ බවට වරදකරුවන් වන පුද්ගලයන් සඳහා වසර දහයක් දක්වා වූ සිර දඬුවම් ලබා දීමට හැකිවන නව නීතියක් මැලේසියානු ආණ්ඩුව විසින් යෝජනා කරනු ලැබ තිබේ.

ව්‍යාජ පුවත් මර්දන පනත යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සිරගත කිරීමට හෝ ඇමරිකානු ඩොලර් 128,000 දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකම ලබා දීමට හැකි වනු ඇත.

සති කීපයක් තුළ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර අදාළ පනත් කෙටුම්පත ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

“ව්‍යාජ පුවත් හෝ ව්‍යාජ පුවත් අඩංගු ප්‍රකාශ කුමන හෝ අදහසකින්, දැනුවත්ව, පළ කර, මුද්‍රණය කර, බෙදා හරින හෝ සංසරණය කිරීමට සලස්වන” කවර හෝ පුද්ගලයෙකු අදාළ පනත මගින් වරදකරු වේ.

Read more

Local News