රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60 දෙනෙකු ඇමරිකාවෙන් පිටුවහල් කරයි

21

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60 දෙනෙකු ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇති බව වාර්තා වේ.

හිටපු රුසියානු රහස් ඔත්තුකරුවකුට සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව හමුවේ ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ තවත් රටවල් කිහිපයක් ද මීට පෙර රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පළවාහැරියේ ය.

මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුරෝපීය රටවල මෙම තීරණය සම්බන්දව රුසියාව සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

රහස් ඔත්තුකරුවන්ට වස දීමේ සිද්ධියට තම රටේ කිසිම සම්බන්ධයක් නැති බව රුසියාව පවසයි.