පසළොස්වක පොහෝ දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ ජනපතිගේ අවධානය

Share

ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයෙන් පිදුම් ලද ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහනායක ශාස්ත්‍රපති අතිපූජ්‍යගන්තුනේ අස්සජී ස්වාමීන් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවයට ඊයේ (27දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,

පසළොස්වක පොහෝ දින පෞද්ගලික පංති පැවැත්වීම පිළිබඳ මහා සංඝරත්නයෙන් කෙරෙන දීර්ඝකාලීන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී වඩා දැඩි අවධානයක් යොමු කරමින් නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පෞද්ගලික පංති පවත්වාගෙන යනු ලබන ආයතනවලින් ඉල්ලීමක් සිදු කිරීමට මෙන්ම සුදුසු ව්‍යවස්ථාපිත තත්ත්වයක් සකස් කිරීමටද බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා පැවසීය.

Read more

Local News