උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ චීන ජනාධිපති අතර හමුවක්

18

උතුරු කොරියානු නායක කිම් ජොං උන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසයි.

එම වාර්තාවල සඳහන් වන්නේ, එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුව උතුරු කොරියාව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පවතින සාකච්ඡා සාර්ථක වීමේ පළමු පියවර ලෙස හඳුන්වා දිය හැකි බවයි.