රුසියාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ජනපති, රුසියානු තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි

Share

රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද වෙළෙද සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.

ඊයේ (28) පස්වරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළේය.

මෙම කනගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ එම මිත්‍ර ජනතාව සමග සිය සංවේගය ඛෙදා ගන්නා බව ජනාධිපතිතුමා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

Read more

Local News