ජාතික පාසල් වල 06 සිට 11 ශ්‍රේණියට අදාළ ගුරුවරුන් 3766 කගේ ස්ථාන මාරු ලිපි විදුහල්පතිවරුන්ට

Share

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයින පුරා ජාතික පාසල් වල 06 සිට 11 ශ්‍රේණියට අදාළ ගුරුවරුන් 3766 කගේ ස්ථාන මාරු ලිපි ඊයේ (29) අදාළ පාසල්වල විදුහල්පතිවරුන් භාරදුන් බවයි.

අදාළ ගුරුවරුන් වෙත එම ස්ථාන මාරුවීම් ලබා දුන්නේ, එකම ජාතික පාසලක වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් මාරු කිරීමේ ක්‍රියාවලියේ iii වන අදියර යටතේ යි.

මෙම අදියර යටතේ ගුරුවරුන් 4473 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිතව තිබුණ ද පහත සඳහන් නොවැලැක්විය අවස්ථා මත ඇතැම් ගුරුවරුන් වෙත ස්ථාන මාරුවීම් ලබා නොදීමට ගුරු මාරු මණ්ඩල විසින් තීරණය කර තිබේ.

1. හුදෙකලාව පිහිටි පාසල්වල ගුරුවරුන්. (ආසන්න පාසලක් නොමැතිව ඉතා වැඩි දුරකට මාරුකළ යුතු අවස්ථාවලදී.)

2. 2019.12.31 දිනට හෝ ඊට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන ගුරුවරුන්. (විශ්‍රාම යාමට ආසන්නතාවය මත.)

3. යම් විෂයයක් සඳහා අනුප්‍රාප්තිකයෙකු ලබාදිය නොහැකි නම් එවැනි අවස්ථාවලදී.

Read more

Local News