පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට

Share

අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අද (30) ජනතා අයිතියට පත් කෙරේ.

ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාලය ඉදිකිරීම වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158කි.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.

Read more

Local News