ගෝල්ඩ් කොස්ට් හී ක්‍රීඩා ගම්මානයට ශ්‍රී ලංකා පිල එක්වෙයි

Share

එළැඹෙන 4 වැනිදා උත්සවශ්‍රීයෙන් ඇරැඹීමට නියමිත 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවන 6500ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීහු පිරිස නවාතැන් ගන්නා ගෝල්ඩ් කොස්ට් හී ක්‍රීඩා ගම්මානයට ශ්‍රී ලංකා පිල එක්වෙයි.

හෙක්ටයාර් 29ක ඉදිව ඇති මේ අලංකාර ක්‍රීඩා ගම්මානය ජාත්‍යන්තර, නේවාසික හා මෙහෙයුම් යන කළාප තුනකට වෙන්කොට ඇත.

ජාත්‍යන්තර කළාපයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිත්‍රත්වය ගොඩ නගා ගැනීම උදෙසා හමුවි කතා කළ හැකි ස්ථාන නිර්මාණය කර ඇති අතර එහි විනෝදාස්වාදය වෙනුවෙන් සංගීතය, නර්තනය හා වීඩියෝ ක්‍රීඩා තිබේ.

මේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරය වසර 2011 ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හි පිහිටා ඇති සාන්ත කිට්ස් හා නෙවීස් හී ඡන්ද විමසීමට ඉදිරිපත්ව ගොල්ඩ් කොස්ට් ජය ගත්තේය.

ඒ නිසාම ගෝල්ඩ් කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරක රටේ විශේෂ පිළිගැනීමක් හිමිව ඇත.

Read more

Local News