පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Share

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පුස්සැල්ලාව ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ පුස්සැල්ලාව නගරයේ රාජකාරි කරමින් සිටි නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම ප්‍රතිමාව සොයාගත් බවයි.

බුද්ධ ප්‍රතිමාව සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30,35 සහ 40 යන වයස් සීමාවල පසුවන්නන් වෙයි.

Read more

Local News