නව දේශීය ආදායම් බද්ද පිළිබඳව වැරදි, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා – අමාත්‍ය මංගල සමරවීර

Share

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පිළිබඳව විවාදය ආරම්භ කරමින් මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,

නව දේශීය ආදායම් බද්ද පිළිබඳව වැරදි, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙන බවත් සෘජු මූලශ්‍රවලින් බදු ආදායම වැඩි කිරීමට අවධානය යොමු කර තිබෙන බවත් සරළ විනිවිදභාවයෙන් යුතු බදු රාමුවක් තුළට ගෙනවිත් තිබෙන බවත් විශ්‍රාමිකයන්ට සියයට 95කට මෙය බලනොපාන බවයි.

අප්‍රේල් 01 සිට ක්‍රියත්මක නව දේශීය ආදායම් පනත ගැන පහැදිළි කිරීමක් කරන්න කැමැතියි. පසුගිය කාලයේ සත්‍ය හා වැරදි හා විකෘති තොරතුරු ප්‍රකාශ කර තිබුණා. ඔක්තෝබර් 24 දින නව දේශීය ආදායම් පනත සම්මත කරලා, ජනතාවට හුරු පුරුදු වීමට කලයක් ලබාදෙන්න අවශ්‍ය කියලා, අප්‍රේල් පළමු දිනට කල්දැම්මා. නව බදු කෙටුම්පත සෑම පාර්ශවයක් එක්කම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සැළකිල්ලට අරගෙන, පොදු මහජනතාවගේ අඳහස සැළකිල්ලට අරගෙනයි, එදා එය සම්මත කර ගත්තේ. ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම පරිදි ඒ අයගේ අඳහස් පවා සැළකිල්ලට ගත්තා. ලංකාවේ සෘජු හා වක්‍ර බදු පරතරය ඉතාම අහිතකරයි. සෘජු බදු ගෙවන්නේ සියයට 18% අඩු ප්‍රමාණයක්. මෙය ලෝකයේ ම තියෙන අවම ප්‍රමාණයක්. මැලෙසියාවේ සියයට 72%ක් සෘජු බදු වලින් රටේ ආදායම ලබගන්නේ. බංගලාදේශයේ සියයට 33%ක්. ලංකාවේ තාමත් සියයට 18%කට අඩු ප්‍රමාණයක්. සියයට 88%ක් ම ආදායම එන්නේ වක්‍ර බදු වලින්. මහා මන්දිරවල සිටින, ධනවතාත් කඩයට ගියාම ගෙවන බද්දමයි, කම්කරුව භාණ්ඩයක් ගන්න ගියම ගෙවන්න සිදු වෙන්නෙත්.

වැට් බද්දත් වැඩියි. එය අඩු කරන්න නම් අප මෙම අනුපාතය වෙනස් කරන්න ඕන. ජනතාවට තව තවත් සහන සළසන්න ඕන. නව ආදායම බදු පනත ගෙනැල්ලා, සරල ක්‍රමයක් අපි ඉදිරිපත් කර තිබෙන්නේ. වසරකට ලක්ෂ
12ක් හෝ අඩු ප්‍රමාණයක් ගන්න කිසිවෙකුගෙන් බදු අය කරන්නේ නෑ. විශේෂයෙන් ම පසුගිය කාලයේ හිතවතුන්ට හිතූමතේ බදු සහන දීලා, කොමිෂ් ගත්ත විදිය මතකයි. විවිධ මත ප්‍රකාශ කර තිබෙනවා. විවිධ අසත්‍ය ප්‍රකාශ කර තිබෙනවා. විදේශ රටවල රැකියා කරන යට ආදායම් බදු ගෙවන්න වෙනවා කියලා, එය සම්පූර්ණයෙන් මිත්‍යාවක්. විශ්‍රාම ගිය අය ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. පොළිය වසරකට ලක්ෂ 15කට වැඩි නම් පමණක් බද්දකට භාජනය වෙනවා. ලංකවේ විශ්‍රාමිකයන්ට සියයට 95කට මෙය බලපාන්නේ නෑ.

රජයේ බදු ප්‍රතිපත්තිය මූලික අවධානය කීපයකට යොමු කර තිබෙනවා. රජයේ ආදායම වැඩි කිරීම, රජයේ වියදම් දායකත්වය වැඩි කිරීම අවශ්‍යතාවය තිබෙනවා. සෘජු මූලශ්‍රවලින් බදු ආදායම වැඩි කිරීමට අවධානය යොමු කර තිබෙනවා. සරළ විනිවිදභාවයෙන් යුතු බදු රාමුවක් තුළට ගෙනවිත් තිබෙනවා. මෙය දූෂණය වැළැක්වීමට වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ බදු සංකීර්ණයි. දේශීය ආදායම් බදු පනත යටතේ බදු නිදහස් කිරීම හදුන්වාදී තිබෙනවා. බදු බර ආදායම් වැඩි පුද්ගලයන්ගෙන් ලබාගන්නත්, දරිද්‍රතාවයෙන් සිටින පුද්ගලයන් බදුවලින් ඉවත් කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනවා. ආදායමෙන් ගෙවන්න වෙන්නේ ඉතාම අඩු මුදලක්. අප බදු සහන ලබාදීමේ දී යම් යම් සීමවන් දී තිබෙනවා. දූෂණයට ඇති ඉඩකඩ අඩු කර තිබෙනවා. ආයෝජනවල ලාබය සළකා බලා සාධරණ ලෙස බදු අය කරගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News