විශ්වාසභංගය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක් – අමාත්‍ය මංගල සමරවීර

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් පැවසුවේ,

ණයෙන් තැලුණු පොඩි වූ රටක් බාර ගත් බවත් මේ වසර තුන තුළ ආර්ථික ජයග්‍රහණවලට නායකත්වය ලබාදුන්නේ අගමැතිවරයා බවත් අගමැතිතුමා දක්ෂ දේශපාලඥයෙක් බව ඔප්පු කර තිබෙන බවත් විශ්වාසභංගය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක් බවත් රටේ වාසනාවට දැනටමත් එය පරාජය වී අවසන් බවයි.

1999 වසරේ දී ගැහුවා පෝස්ටරයක් රනිල්ට බෑ කියලා. අපි රනිල්ට බෑ කියලා පෝස්ටරයක් ගැහුවේ, චන්ද්‍රිකා පත්වීමට තිබෙන අභියෝගය රනිල් කියලා දන්න නිසා, රනිල්ට පෝස්ටර් ගැහුවා. අවුරුදු 20කට පස්සෙත් පැහැදිළිව
පේනවා, මේ රටේ විපක්ෂයට තිබෙන දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ කියලා. මෙය ජනාධිපතිතුමාත් ඉලක්ක කරගත් විශ්වාසභංගයක්. දෝෂාභියෝගයක් ගෙනැල්ල ගෙදර යවන්න තියෙන බාධකය අග්‍රාමාත්‍යවරයායි. එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක්. රටේ වාසනාවට දැනටමත්  පරාජය වී අවසන්. 2014 අග්‍රාමාත්‍යතුමා කළ කැපවීම මතක් කළ යුතුයි. කිසිම කුහකකමක් නැතිව යෝජනාව පිළිගත්තා. සමහර බොහෝ දෙනා ජනාධිපති අපේක්ෂක වෙන්න කැමැතියි. සිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මාව දේශපාලනයට ගෙනාවේ. 88 ජනාධිපතිවරණයට මුහුණ දෙන්න පොදූ අපේක්ෂකයෙක් තෝරාගන්න සාකච්ඡා කළා. වාමාංශික පක්ෂ සිටියා. 82 වසරේ දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අපේක්ෂකත්වය ගත්තා. තමන්ගේ අපේක්ෂකයා දාලා පැරැද්දුවා.

අග්‍රාමත්‍යතුමා කුහකකමින් තොරව එක්සත් ජාතික පක්ෂය දිව රෑ නොබලා ජනාධිපතිතුමා පත් කරන්න කටයුතු කළා. ඒ වෙලාවේ එතුමාට හැකි වුණා, අනෙක් පක්ෂ සමඟ එකතුවෙලා, අනෙකුත් මුස්ලිම් පක්ෂ එකතු කරගෙන, විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ නායකත්වය දීලා, 2015 විප්ලවය සඳහා යොමු කළා. අගමැතිතුමා දක්ෂ දේශපාලඥයෙක් ලෙස ඔප්පු කර තිබෙනවා. එතුමා හා රජයට ඉලක්ක කරගෙන විශ්වාසභංගය ගෙනැල්ලා රට අන්ධකාරයට යොමු කර රට ආපස්සට ගෙන යාමයි අරමුණ වී තිබෙන්නේ. හොරකම් කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නම් මෙවැනි තනතුරු දෙනවද? අපි විශේෂයෙන් අගමැතිතුමා මේ ක්‍රම නවත්වන්නයි ආවේ. අපි බොන්ඩ් වංචාව යටගහන්නේ නෑ. අලුත් නීති හදලා මුදල් ආපසු ගන්නවා. ශතයක්වත් රටට අහිමි වෙන්න දෙන්නේ නෑ. එදා අහිමි වූ ට්‍රිලියන් ගණන් අහිමිවීම කතාකරන්නේ නෑ. විශ්වාසභංගය ජනතාව නොමඟ යැවීමේ අසාර්ථක උත්සාහයක්.

ණයෙන් තැළුණු පොඩි වූ රටක් බාර ගත්තා. මේ වසර තුන තුළ ආර්ථික ජයග්‍රහනවල නායකත්වය ලබාදුන්නේ අගමැතිවරයයි. දැන් ආයෝජනය වර්ධනය වෙලා. විරැකියාව පහළට වැටිලා. රජයේ මූල්‍ය ප්‍රථමවරට අතිරික්තයක් පෙන්නේ පසුගිය වසරේ. මූල්‍ය සැපයුම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. 2018 මාර්තු මස වනවිට විදේශ ආයෝජනවල වර්ධනයක් අත්කර ගනිමින් වැඩිම මුදල වාර්තා කරගෙන තිබෙනවා. ඉන්දියාව සමඟ චීනය සමඟ අත්සන් කළ වෙළඳ ගිවිසුම් නිසා වෙළඳ පොළ වර්ධනය වෙලා. ඉතාම සාධණීය ආර්ථික ක්‍රියාවලියක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අගමැතිතුමා පෞද්ගලිකව කැපවී සිටිනවා. ජනාධිපතිතුමා කැපවීමෙන් ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරනවා. යම් යම් බාධක තිබුණත් එය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News