දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඒ ටෙස්ට් තරඟ දෙකකට, එක්දින තරඟ පහකට හා විස්සයි20 තරඟයක් සඳහා එක්වීමටයි.

ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය.

එක්දින තරගාවලිය ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා තරගාවලිය නිමා කරමින් අගෝස්තු 14දා ආර්. ප්‍රේමදාස පිටියේදී විස්සයි20 තරඟය පැවැත්වෙයි.

Read more

Local News