ජනවාරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් මෙම විශ්වාසභංගය පරාජය කළ යුතුයි – ජයම්පති වික්‍රමරත්න මහතා

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව විවාදයට අඳහස් දක්වමින් පැවසුවේ,

ආණ්ඩුවේ ප්‍රධානීයා වන්නේ ජනාධිපතිතුමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙය මුළු ආණ්ඩුවට විරුද්ධව ගෙනා යෝජනාවක්. පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් අප වෙනසක් කළා. අද කතාකිරීමේ නිදහස තිබෙනවා. සුදු වෑන් එන්නේ නෑ. තොරතුරු ලබාගැනීමේ වැදගත් පනතක් සම්මත කළා. අද නිදහස් වාතාවරණයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රමාණවත් පරිදි ඉදිරියට ගොස් තිබෙනවාද කියලා බලන්න ඕන. ආණ්ඩුවට පැහැදිළි දිශානතියක් අවශ්‍යයි. ලැබූ ජයග්‍රහන සියල්ල ආපසු හැරවීමට විශ්වාසභංගය ගෙනැල්ලා තිබෙන්නේ. ජනවාරි 08 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් මෙම විශ්වාසභංගය පරාජය කළ යුතුයි.

Read more

Local News