දේශපාලන වශයෙන් අස්ථාවර නොකර රට ඉදිරියට ගෙන යෑමට අපට වගකීමක් තිබෙනවා – අමාත්‍ය චම්පික රණවක

Share

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

තරාතිරම නොබලා ක්‍රියකරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මහබැංකු වංචාවට සමාන වංචා කළ අය තවම නිදැල්ලේ ඉන්නවා. අනාගතයේ මෙවැනි දේ ඇති නොවන්න නීති රීති අධිකරණ ඇති කළ යුතුයි. කවුද මෙය ගෙනාවේ?  ඒ පිරිස්වල අරමුණ යුක්තිය ඉටු කරගැනීමද? දේශපාලන වශයෙන් අස්ථාවර නොකර රට ඉදිරියට ගෙන යෑමට අපට වගකීමක් තිබෙනවා. විශ්වාසභංගය අද පරාජයට පත්වෙනවා. 2015 ජනවරම වෙනුවෙන් පෙනී සිටිනවා. ජනවරම වෙනුවෙන් ක්‍රියා කරනවා. විශ්වාසභංගයෙන් අග්‍රාමත්‍යවරයා පරාජය කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඉදිරියේ දී පැහැදිළි ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News