පළමු පාසල් වාරය 06 වැනිදා අවසන්

Share

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය 2018 අප්‍රේල් මස 06 වැනි සිකුරාදායින් අවසන් වන බවයි.

දෙවන පාසල් වාරය 2018 අප්‍රේල් මස 23දා සඳුදා ආරම්භ කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2018 අප්‍රේල් 11 වන බදාදායින් අවසන් වෙයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන්නේ 2018 අප්‍රේල් මස 18 වන බදාදා බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News