අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවන් 04දෙනෙකු අත්අඩංගුවට

Share

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සහ තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවන් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 19 වනදා අතුරුගිරියේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා පසුගිය 26 වනදා අතුරුගිරියේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කර එම සිද්ධීන්වලට සම්බන්ධව මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අතුරුගිරිය හා හෝකන්දර ප්‍රෙද්ශවල දී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මෙම වෙඩි තැබීම් සඳහා යොදා ගත් ටී 56 ගිනිඅවියක්, ජීව උණ්ඩ 12ක්‍, මැගසීන් 01ක්, යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක්, ආරක්‍ෂක හිස් වැසුම් 02ක්, ජැකට් 02ක්, මන්නා පිහි 03ක්, පිහි 03ක් හා කේරළ ගංජා කිලෝ 02ක් සහ එම ගංජාජාවාරමෙන් උපයා ගත් රුපියල් 79,800ක මුදලක් ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24, 34, 36 සහ 37 වයස්වල පසුවන අතුරුගිරිය, තල්පේ, හෝකන්දර යන ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

සැකකරුවන් අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News