යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයකු මරුට

Share

මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව අසල දී ඊයේ (5) සිදුවු යතුරුපැදි අනතුරින් පොලිස් සැරයන්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බව මිහින්තලය පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

පොලිස් සැරයන්වරයා සිය නිවසට යතුරැ පැදියෙන් යමින් සිටියදි මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව කතෝලික පල්ලිය ඉදිරිපිට නවතා තිබු ලොරියක පිටුපස ගැටි ඇති බව පොලිසිය පවසයි.

Read more

Local News