දකුණු කොරියාවේ හිටපු ජනපතිනීයට වසර 24 ක සිර දඬුවමක්

Share

දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් වසර 24 ක සිර දඬුවමකට යටත් කෙරිණි.

සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක දඩයක් (ඩොලර් මිලියන 17) ද නියම විය.

වංචා 18 ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇය ඉන් 16 ට වරදකාරිය බව අධිකරණය තීරණය කළේය.

මෙය, දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූ පිරිස්වලට එරෙහිව දීර්ඝ කාලයක් පුරා දකුණු කොරියාවේ පැවති චෝදනාවල එක් කූඨ ප්‍රාප්තියකි.

Read more

Local News