කුරුණෑගල දී ළමා ශ්‍රමය ශූන්‍යත්වයට පත් කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමක්

Share

කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා ශ්‍රමය ශූන්‍යත්වයට පත් කිරීම සඳහා අදාල නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් රතුතුරුස සංගම් ශාලාවේ දි පැවැත්විණ.

ළමා ශ්‍රමය පිළිබද අවධානය යොමු කිරීමේ දී පාසැල් යන වයසේ දරුවන් පාසැල් නොයාම විශාල ගැටලුවක් බවත් ඒ සඳහා නොවිධිමත් අධ්‍යාපන ඒකක ඉතා ශක්තිමත් කොට ඇති බවත් යම් ළමයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුවහොත් නොවිධිමත් අධ්‍යාපන ඒකකය වෙත වාර්තා කරන ලෙසත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳවත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත්) නිමල් හෙට්ටිආරච්චි මහතා මෙහිදි නිලධාරීන් දැනුවත් කළහ.

ළමා ශ්‍රමයට අදාල නීතිමය පසුබිම පිළිබඳ කුරුණෑගල කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරි මුණසිංහ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් ළමා ආරක්ෂක අංශය මගින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සත්කාරක දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කම්කරු කොමසාරිස්වරුන්, පරිවාස නිලධාරීන්, සංඛ්‍යාලේඛණ නිලධාරීන් ද සහභාගී වූහ.

Read more

Local News