ජනාධිපති කාර්යාලයේ අවුරුදු උත්සවය ඊයේ බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී

Share

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හා දෙමළ අලූත් අවුරුදු උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දවස පුරා බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
අවුරුදු ක්‍රිඩා, විනෝදාත්මක තරඟ, ළමා තරඟ ආදි තරඟ ඉසව් රැසක් මෙහිදී පැවැත්වුණු අතර සංගීත සැදෑවකින් ද මෙය වර්ණවත් විය.
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ද අවුරුදු උත්සවය සදහා එක්ව සිටී අතර, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය කිරීමට  ජනාධිපතිතුමා එක්විය.

Read more

Local News