දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පමණ පසු වැසි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී. 75ට වැඩි තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

හෙට දින (10) දහවල් 12:11ට කල්කුඩාව, වැලිකන්ද, පොලොන්නරුව, අඹන්පොළ සහ මදුරන්කුලිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.