ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගෙන් චාල්ස් කුමරුට ශාන්ති කර්මයක්

Share

ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජින්වරුන් ගේ සාම්ප්‍රදායික සුව කිරීමේ ශාන්ති කර්මයෙන් පසු තමන්ට නව ජීවයක් ලැබුන බව බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි චාර්ල්ස් කුමරු පවසයි.

ඔහු මේ දිනවල යෙදී සිටින ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර එරට ආදිවාසී ජනතාව වන ඇබොරිජින්වරුන් ද හමු විය.

එහිදී ඉතා සාදරයෙන් ඔහුව පිළිගත් ඇබොරිජින්වරුන් කුමාරයාට පිහාටු වලින් සැකසූ හිස් පළඳනාවක් පැළැඳවීය.

ඩිඩ්ගෙරිඩූ නම් වාද්‍ය භාණ්ඩය උපයෝගී කර ගෙන සිදු කරන සාම්ප්‍රදායික ශාන්තිකර්මයක් ද ඔවුන් විසින් චාර්ල්ස් කුමරා වෙත සිදු කරනු ලැබීය.

Read more

Local News