කෙසෙල්පොළ නොතැබීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවීයන් දැඩි අපහසුතාවයක

Share

නියමිත පරිදි නියමිත වේලාවට අවුරුදු කෙසෙල් පොළ නොතැබීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවීයන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි ක්‍රමවේදයකට අනුව නොපැවැත්වුණු බවටයි.

සූරියවැව කෙසෙල් කැන් තොග පොළ භූමියේදී තම අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීමට අතරමැදි වෙළදුන් උත්සාහ ගත් බව ද ගොවීයන් පවසති.

Read more

Local News