අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා හෙට විශේෂ දුම්රිය 12 ක්

Share

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා හෙට (12) දිනයේදී විශේෂ දුම්රිය 12 ක් ධාවනයට යොදවා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, රාත්‍රී 7. 20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය වන බවයි.

මීට අමතරව, හෙට රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6. 50 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබේ.

එමෙන්ම, කොළඹ කොටුව සහ මහව අතර විශේෂ දුම්රිය දෙකක් ද මරදාන සිට ගාල්ල සහ මාතර දක්වා විශේෂ දුම්රිය 4 ක් හෙට දිනයේදී ධාවනයට යොදවා ඇත.

 

Read more

Local News