ඩෙංගු රෝගයේ සුළු වැඩිවීමක් – අවුරුදු සමයේ තම මහගෙවල් අවට පිරිසිදු කරන්න

Share

පසුගිය කාලයේ දී ඩෙංගු රෝගය වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුණද, පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගයේ සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
ඒ නිසා මේ අවුරුදු සමයේ දී තම දරුවන් මෙන් ම නිවෙස්හි සිටින වැඩිහිටියන් ගැන සිතා තම මහගෙවල් අවට පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙස කොළඹ සිට තම ගම්බිම් බලා යන ජනතාවගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටීයි.
උත්ස සමය මෙන් ම, නිවාඩු සමය හේතුවෙන් තම ගම්බිම්වලින් පිට පළාත්වල සංචාරක කටයුතු සිදුකිරීමේදි සුපුරුදු නොවන මාර්ග පිළිබඳ වඩා සැලකිලිමත් වන ලෙසත් කෙටි දුර ධාවන බස් රථ දුර ගමන් සඳහා යොදවන්නේ නම් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටීයි.
අපේ රටේ මෝටර් රථ ධාවන සංස්කෘතිය ඉතා පහළ මට්ටමක පවතින බවත් අනතුරු ඇතිවන්නේ මං තීරු නීති හරිහැටි ක්‍රියාත්මක නොකිරීම නිසා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

Read more

Local News