දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි

Share

අද (12) දිනයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (12) දහවල් 12:10ට චෙඩ්ඩිකුලම්, තුදාරීකුලම්, හාලිගල්කඩවල, කපුගොල්ලෑව සහ මාන්කනායි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News