2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත් මිලියන 21

Share

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ට ලබාදෙන බවයි.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදු කෙරිණි.

කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුලත් කර ඇත. එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි.

එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සීටීයි.

Read more

Local News