බ්‍රසීල කොන්ග්‍රසයේ සභිකයන් 60 කට වැඩි පිරිසක් සිය නම් වෙනස් කරයි

Share

බ්‍රසීලයේ කම්කරු පක්ෂය නියෝජනය කරන කොන්ග්‍රස් සභිකයන් 60 කට වැඩි පිරිසක් එක්වරම සිය නම් වෙනස් කිරීමට තිරණය කර අැති බව වාර්තා වෙයි.

ඔවුන් සියලු දෙනා ‘ලූලා’ නාමය සිය නමට එකතුකර තිබේ.

බ්‍රසීල විරුද්ධ පක්ෂ මහජන නියෝජිතයන් පිරිස එම පියවර ගෙන තිබෙන්නේ සිය පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා පසුගිය සති අන්තයේ බන්ධනාගාරගත කරනු ලැබීමෙන් අනතුරුවය.

හිටපු ජනාධිපතිවරයාට උපහාර වශයෙන් එම ක්‍රියාමාර්ගයට නායකත්වය දෙනු ලැබුවේ පක්ෂයේ වත්මන් සභාපතිනි ග්ලෙයිසි හොෆ්මන් විසිනි.

Read more

Local News