දිස්ත්‍රික්ක 10කට වියළි කාලගුණ නිසා ජල හිඟයක්

Share

දිස්ත්‍රික්ක 10කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා ජල හිඟයකට මුහුණපා සිටින ප්‍රමාණය පුද්ගලයන් ලක්ෂ පහක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතුරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙහි වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් හැටහයදහස් හයසිය හතළිස් අටකට අයත් පුද්ගලයන් දෙලක්ෂ දහසය දහස් හයසිය හැත්තෑ දෙනෙකු පානීය ජල හිඟයකට මුහුණපා තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් තිස් හත්දහස් එකසිය දහයකට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දහඅට දහස් පන්සිය විසි නවයක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් විසි නවදහස් දෙසිය හැත්තෑ හයකට පුද්ගලයන් එක්ලක්ෂ එක්දහස් අසූ තුනක්  පීඩාවට පත්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් එක්දහස් පන්සිය තිස් තුනකට අයත් පුද්ගලයන් පන්දහස් විසි අටක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් තුන්දහස් එකසිය හැත්තෑ නවයකට අයත් පුද්ගලයන් දසදහස් පහක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් දෙසිය පනහකට අයත් පුද්ගලයන් නවසිය අනූවක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් නවදහස් හයසිය තිස් එකකට අයත් පුද්ගලයන් තිස්තුන් දහස් හයසිය විසි හතරක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 05කට අයත් පුද්ගලයන් විසිපහක් පීඩාවට පත්ව ඇත.

Read more

Local News