ස්ලින්ටෙක් ඇකඩමියෙන් නැනෝ සහ උසස් තාක‍්ෂණ දර්ශනපති උපාධි වැඩසටහන අද

Share

ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ පෞද්ගලික සමාගමට අනුබද්ධව ආරම්භ කර ඇති ස්ලින්ටෙක් ඇකඩමිය මඟින් නැනෝ සහ උසස් තාක‍්ෂණය පිළිබඳ දර්ශනපති උපාධි වැඩසටහන (MPhil Degree)විද්‍යා, තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු  4.00 ට ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ආරම්භ කෙරේ.

රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මීට වසර කීපයකට ඉහතදී හෝමාගම පිටිපන ප්‍රදේශයේ ආරම්භ කළ ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ ආයතනය මෙරට ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම ආයතනයේ නවතම වැඩසටහනක් ලෙස ස්ලින්ටෙක් ඇකඩමිය ආරම්භ කිරීම සිදුවන අතර, මුල්‍ය ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් බැහැරව අනාගත ලෝකයට අවශ්‍ය ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ඇකඩමිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Read more

Local News