උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාවක් 19 වනදා

Share

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජාතීන් හා ආගම් අතර සාමය, සංහිදියාව හා මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින් උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාවක් පැවැත්වෙන බවයි.
ප්‍රජා පොලිස් කොට්ඨාසය හා වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඒකාබද්ධව 19 වනදා වව්නියාවෙන් මෙම චාරිකාව ආරම්භ කෙරේ.
උතුරු පළාතේ වව්නියාව හා මන්නාරම පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් 52නෙක් ඊට සහභාගී වේ.
මෙම චාරිකාව වව්නියාවේ සිට කුරුණෑගල, ගම්පහ, ගාල්ල හා මාතර ප්‍රදේශයන් ඔස්සේ කතරගම දක්වා ගමන් කරනු ලැබේ.

Read more

Local News