ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට තීරණයක්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුෂ්ටාක් එංගලන්ත කණ්ඩායමේ හා පාකිස්තාන කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස සේවය කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ තනතුර පිළිබඳව අවධානය යොමුකර  ඇති බව වාර්තා වෙයි.

හිටපු පන්දු රැකීමේ පුහුණුකරු මෙන්ම තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ නික් පෝතාස් සිය ධුරයෙන් ඉවත්විම හේතුවෙන් මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය.

Read more

Local News