ලංකා ධීවර සංස්ථාව නව වසරේ රාජකාරි ඇරඹීම වෙනුවෙන් පැවති උත්සවයට මහින්ද අමරවීර මහතා සහභාගි වෙයි

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (18) අමාත්‍යාංශයේ දී පැවැති සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් අනතුරුව නව වසරේ රාජකාරි ඇරඹීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේ සේවක මණ්ඩල විසින් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කළේ,

පසුගිය වසර කිහිපය ගත්විට උත්සව සමයේ ඇතැම් වෙළෙදුන් විසින් මත්ස්‍ය මිල ගණන් ඉහළ නංවමින් මහජනතාව ගසා කන බව පෙනී ගියා. එම නිසා වෙළෙදපොලේ මාළු මිළ ගණන් ඉහළයාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මම ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ අනුව වැඩිපුර පාරිභෝජනය කරන මත්ස්‍ය වර්ග 04ක් සහන මිලට ලබා දීමට අපි පියවර ගත්තා.

ඒ හේතුවෙන් පුද්ගලික අංශයේ වෙළෙඳුන්ටත් අපේ මිල ගණන්වලටම මාළු අලෙවි කරන්නට සිදුවුනා. ඒ වගේම මෙවර උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. තවමත් උත්සව සමය අවසන්ව නැති නිසා එම ආදායම් තත්ත්වයන් ඉදිරියේ දී අපි ප්‍රකාශයට පත්කරනවා.

ලංකා ධීවර සංස්ථාව කියන්නේ වසා දැමීමට නියමිතව තිබු රාජ්‍ය ආයතනයක්. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන කියන්නේ ලාභ ලැබිය හැකි ආයතන නොවන බවට මතයක් රටේ තිබෙනවා. රාජ්‍ය ආයතනයක් වශයෙන් පළමු වතාවට ලංකා ධීවර සංස්ථාව ලාබ උපයා සේවක පිරිස්වලට හිග වැටුප් මෙන්ම පාරිතෝෂික දීමනාත් ලබා දුන්නා. ඒ වගේම දැන් එම සංස්ථාවේ ඉළක්කය ස්ථාවර ගිනුමක් පවත්වාගෙන යාම මගින් එම සංස්ථාව ස්ථාවර මට්ටමට ගෙන ඒමයි.

Read more

Local News