ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානම් – අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා

Share

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ අතර එහිදී ‍බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ,

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලු රටවල් සමඟ මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් ශ‍්‍රී ලංකා රජය ගෙන යන මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග‍්‍රහණ රැසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත‍්‍ර පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබෙන බවයි.

Read more

Local News