මේ වසරේ සිට නොදියුණු පන්සල්වලට රජය මගින් මූල්‍යාධාර

Share

බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සියලු ම පන්සල් වර්ගීයකරණය කොට නොදියුණු පන්සල්වලට ආධාර දීම සඳහා මේ වසරේ සිට රජය මගින් මූල්‍යාධාර සැපයීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් විහාරාංග සහිති අංග සම්පූර්ණ පන්සල්, ඊට වඩා අඩු පහසුකම් ඇති පන්සල්, ධර්ම ශාලා හා සංඝාවාස නොමැති පන්සල් සහ භික්ෂූන් වහන්සේලාට දානය පවා නොලැබෙන දුෂ්කර පන්සල් තෝරා ඒවා වර්ග කෙරේ.

ජනාධිපති අරමුදල, අගමැති අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික අමාත්‍යාංශයේ අරමුදල හා බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ පවතින බුද්ධ ශාසන අරමුදල් ඒකාබද්ධ කොට එක් අරමුදලක් බවට පත් කරන බවත් එහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කරන බවත් එම කමිටුවේ නිර්දේශ පරිදි වර්ගීකරණයේ දී අඩු ආදායම් ලබන දුෂ්කර පන්සල් තෝරාගෙන ඒවාට මූල්‍යාධාර සපයන බවත් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News