පොදුරඳ මඩුලූ සමුළුවට වෙත පැමිණි දකුණු අප්‍රිකානු ජනපති යළිත් හදිසියේම සිය රටට

Share

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙත පැමිණි දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රාමෆෝසා ලන්ඩනයේදී ඉතා කෙටි වේලාවකට පමණක් සමුළුව සඳහා සහභාගී වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් එරට ජනතාව ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙමින් වෙළඳසැල් ගිනි තබා විරෝධතාවයක නිරත වීම හේතුවෙනි.

එමෙන්ම, ප්‍රදේශයේ මාර්ග රැසක් බාධක යොදා හරස් කර ඇති විරෝධතාකරුවන්, මාර්ගවල වූ මෝටර් රථවලට ගිනි තබමින් ගමන් කරන බවද විදෙස් වාර්තා පවසයි.

එරට මාධ්‍ය ප්‍රකාශ කළේ, තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් සිය රට පැමිණි බවයි.

Read more

Local News