කියුබාවේ නව ජනපති නිල වශයෙන් තෝරා පත්කර ගනීයි

Share

රාවුල් කැස්ත්‍රෝ යුගය නිමා කරමින් කියුබාවේ නව ජනපතිවරයා ලෙස මිගෙල් ඩියෑස් කැනෙල් තෝරා පත්කර ගැනීම නිල වශයෙන් සිදුව තිබේ.

වර්ෂ 1959 වූ කියුබානු විප්ලවයෙන් පසුව කැස්ත්‍රෝ පවුලේ සාමාජිකයෙකු බලයේ රැඳී නොසිටීම ඇරඹි ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

පසුගිය වසර පහක කාලය තුළ පළමු උප ජනාධිපතිවරයා ලෙස සේවය කරමින් අත්දැකීම් බහුල අයෙකු ලෙස ඩියෑස් කැනෙල් සැලකෙයි.

කියුබාව තුළ ධනවාදය ස්ථාපිත කිරීමට උත්සාහ දරන්නන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවන බව සිය දිවුරුම්දීමේ කතාව කරමින් ඩියෑස් කැනෙල් පවසා සිටියේය.

Read more

Local News